Monday, October 22, 2012

ඔන්න ඉතිං අපේ ඇම්ඩට පොඩි කාලෙ මාර ලෙඩක් තිබ්බ මිනිහගෙ වැඩේ රබර් පටි අරන් කැටපෝල හදන එක ඉතිං මේ වැඩේ පිස්සුවක් තරමටම වැඩි වුනා

ඉතිං ඇම්ඩගෙ අම්මයි තාත්තයි මිනිහව මානසික වෛද්‍ය වරයෙක් ලගට එක්ක ගියා. ඔන්න ඩොකා ඇම්ඩන් එක්ක ටෝක දැම්ම මිනිහ කියන්නෙ කැටපෝල ගැනමයි.

දොස්තර මිනිහගෙ කතාව ටික ටික වෙනස් කලා දැන්නම් ටිකක් හොදයි වගේ

ඉතිං දොස්තර මිනිහගෙන් ඇහුව
"හරි පුතාට දැන් ගෑනු ලමයෙක් ගෙනත් දුන්නොත් පුතා මොක
ද කරන්නෙ"......

"අංකල් පිස්සු කතා කරනව කෙල්ලෙක් දුන්නොත් කෙලින්ම කාමරේට අරන් යනව......"

ඩොක්ටර්ට තේරුනා දැන්නම් පිස්සුව හොදයි. දැන් මූට තියෙන්නෙ මොල් අමාරුව කියල

"හරි ඊට පස්සෙ මොකද කරන්නෙ‍....." ඩොකා ඇහුව

"කාමරේට ගෙනිහින් ඉතිං වෙන මොනව කරන්නද ඇදට නග්ගල ඇදුම් ටික ගලවනව.........."

ඩොකාටත් මාර ආතල් එකක් ආව මූ කොහොමද කරන්නෙ අහගන්න

"හරි පුතා ඊට පස්සෙ......"

"ඊට පස්සෙ ජංගිය ගලවනව"

"හරි හරි ඊට පස්සෙ...."

"ඊට පස්සෙ මොනව කරන්නද අංකල් ඒ ටිකවත් තේරෙන්නෙ නැද්ද".....

"හරි ඉතිං ඔයාම කියන්නකො....."

"ජංගියේ ඉලාස්ටික් එක අරං කැටපෝලයක් හදනව.....




මේ ඇම්ඩන් ගේ පන්තියයි. එදා පාඩම වූයේ සාක්කුවේ තියෙන දේ ගැන කතාවක් පැවැත්වීමයි. එවිට අනික් ළමෝ ඒ කුමක්දැයි කිය යුතුය. ගුරුතුමිය මුලින්ම සුමනා පන්තිය ඉදිරියට ගෙනෙයි.
සුමනා: “මගේ සාක්කුවේ තියෙන දේ මෙලෙකයි. රවුම්. රබර් වලින් හදල තියෙන්නේ”. ඇයට කතාව ඉවර කිරීමට ඇම්ඩන් ඉඩ නොදෙයි.
ඇම්ඩන්: “මකන් කෑල්ල, හරිද?”
සුමනා: “හරි”
ඉන් පසුව එන්නේ ජේමිස්ය.
ජේමිස්: “මගේ සාක්කුවේ තියෙන එක හරි හයියයි. දිලිසෙනවා.”
ඇම්ඩන්

: “අල්පෙනෙත්තක් නෙ ජේමිසෝ, උබ ඕකෙන් සුමනට ඇන්නනේ?”
ගුරුතුමිය: “හරිද ජේමිස්?”
ජේමිස්: “හරි, ටීචර්”
ඉන් පසුව එන්නේ මාතුපාලය.
මාතුපාල: “මගේ සාක්කුවේ තියෙන දේ සුදුපාටයි. තුනීයි. නවල තියෙන්නේ”
ඇම්ඩන්: “යකෝ ඔය උඹ අර පත්තර කාරයගෙන් සල්ලි දීල ගත්තු වල් පත්තරේ නේද?”
මාතුපාල හෙමින්ම මාරු වී යයි. හැම ළමයාම නෝන්ඩි කරන නිසා ඇම්ඩන්ට වාරය ලැබේ. ඇම්ඩන් සාක්කුවට අතදමා ගෙන යමක් කරයි.
ඇම්ඩන්: “මගේ සක්කුවේ තියෙන දේ හයියයි. රවුම්. ඒකට ඔළුවක් වගේ එකක් තියෙනවා”
ගුරුතුමිය: “ඇම්ඩන් මොනවද ඔය ජරා කතා කියන්නේ?”
ඇම්ඩන්: “මගේ සාක්කුවේ නං තියෙන්නේ ප්‍රේමදාස රුපියලක්, හැබැයි ටීචර් හිතන විදියට මං හරි කැමැතියි





ෆේස්බුක් කෙල්ලන්ගේ අලුත්ම මායම් 30

1. ප්‍රොෆයිල් පික්චර් එක නිතර නිතර මාරු කිරීම.

2. පොෂ් නැතත් පොෂ් ලුක් එකක් තියන ෆොටෝස් අප්ලෝඩ් කිරීම.

3. සන් ග්ලාස් පැලද ෆොටෝස් රැගෙන අප්ලෝඩ් කිරීම.

4. තද ආලෝකයක් ආසන්නයට ගොස් ෆොටෝස් (පැහැපත් බව පෙන්වීමට)රැගෙන අප්ලෝඩ් කිරීම.

5. යහලුවෙකුගේ Wedding එකකට ගිය විට Hotel එකේ Washroom එකට ගොස් ෆොටෝස් රැගෙන අප්ලෝඩ් කිරීම

6. මොනවා කලත් පොෂ් ලුක් එකක් ගන්න බැරි නම් ඓශ්වර්යා,කාජල්,එමා වොට්සන් වැනි
සුරූපී නිළියකගේ ඡායාරූපයක් ප්‍රොෆයිල් පික්චර් එක ලෙස යෙදීම

7. කාටුන් චරිත ප්‍රොෆයිල් පික්චර් එක ලෙස යෙදීම.

8. ප්‍රොෆයිල් පික්චර් එක ලෙස සුරංගනා රූප යෙදීම.

9. බලු පැටවුන් පූස් පැටවුන් සහ බබාලගේ ෆොටෝස් අප්ලෝඩ් කිරීම.

10. සැබෑ ජීවිතයේදී බල්ලෙකු ලගට ආ විට "දුප් බල්ලා" යැයි කෑ ගසා බල්ලා එලවන
මුත් ෆේස්බුක් හි ලොම් හැලුනු බල්ලෙකුගේ ෆොටෝ එකක් දුටු විට පවා"අනා... ෂෝයි
බව්වා" ලෙස කමෙන්ට් කිරීම.

11. උප්පැන්නේ ඇති තම නම නැතුව වෙනත් විකාර නම් යෙදීම.

12. නමේ "කුමාරි" කියා කෑල්ලක් නැතත් නමේ මුලට "Princess"කෑල්ලක් ඔබා ගැනීම.

13. සැබෑ ජීවිතයේ මාර දූවරු වූවත් නමේ අගට "Angel" කෑල්ලක් ඔබා ගැනීම.

14. විරහ ගීත ශෙයාර් කිරීම.

15. ආදර ගීත ශෙයාර් කිරීම.

16. කොල්ලා බූට් එක තැබූ විට "අඩන ඇහැක" ෆොටෝ එකක් ප්‍රොෆයිල් පික්චර් එක ලෙස යෙදීම.

17. කොල්ලා බූට් එක තැබූ විට නිතර නිතර විරහ වදන් වලින් ස්ටේටස් එක අප්ඩේට් කිරීම.

18. ස්ටේටස් අප්ඩේට් කිරීමට සිංහල භාවිතා නොකිරීම.

19. මල මිනියක ෆොටෝ එකක් දැක්කත් LOL කියා කමෙන්ට් කිරීම.

20. තමන් ගේ ගැහැණු යාලුවන්ට Darling/Sweety කියා ඇමතීම.

21. බබාලට ගොඩක් ආදරේ බව ප්‍රදර් ශනය කිරීමට "අනේ Sweet...,අනේ Cutee...,So
Cute" යන වදන් වලින් කමෙන්ට් කිරීම.

22. කොල්ලොන්ට Bro කියා ඇමතීම.

23. කොල්ලොන්ට Friend කියා ඇමතීම.

24. තමන් ගේ ගැහැණු යාලුවන්ට Love U/♥♥ කීම.

25. තමන් ගේ පෙම්වතාට/සැමියාට විතරක් කියන්න ඕනෙ ඒවා ස්ටේටස් අප්ඩේට් ලෙස
යෙදීම.

26. ස්ටේටස් අප්ඩේට් ලෙස Heart(♥) යෙදීම.

27. පෙම්වතා/සැමියා එක්ක මරා ගත්තත් ඉන්නේ කුරුළු ජෝඩුව වගේ පේන ෆොටෝ අප්ලෝඩ්
කිරීම.

28. කොල්ලෝ එක්ක චැට් කරන විට තමන් Busy බව පෙන්වීමට පමා වී Reply එවීම.

29. තමන්ට කොල්ලොන්ගෙන් ගොඩක් Friend Request එන බව පැවසීම.

30. මංගල පෝරු,සෙටි බැක්,මල් කලබ,මංගල කේක්,මනාල යුවලවල් ආදී ෆොටෝ වලට මැරෙන්න
යාම





ආදරය කරනකොට රූපයට ආදරය නොකර ඔබ ආදරය කරන කෙනාගේ හදවතට, ජීවිතයට, ආත්මයටම ආදරය කරන්න, ඒ ආදරය සදාකාලිකයි

෴ ආදරය ගැන ඔබ නොදන්නා කරුණු 50ක්෴

1.ආදරය කියන්නේ ලැබෙනකන් බලාඉන්න ඕනේ දෙයක් නෙවෙයි, පරිත්‍යාග කරන්න ඕනේ දෙයක්

2.තමන් පණ වගේ ආදරය කරන කෙනාට වඩා,තමන්ට පණ වගේ ආදරය කර කෙනා තමන්ට හම්බවෙන එකටයි ආදරය ජය ගන්නවා කියන්නේ

3.ආදරය කරද්දි ගොඩාක්ම වටින දේ තමයි දෙන්නා අතරේ තියෙන විශ්වාසය. කවදාවත් ඒක නැති කරගන්න එපා. ඒ නැතිවුන විශ්වාසේ ආයේ කවදාවත් තිබුණු විධියටම ඇති කරගන්න හරිම අමාරුයි

4.ගලන ගඟකට වුනත් ගල්පර බොහොමයි . . . ආදරයට වගේ . . . ඒත් සැබෑ ආදරයකට කොච්චර බාධක ආවත් පසුනොබා නොසැලී ඉදිරියට යන්න පුළුවන්

5.හිතින් හිත හිත ලතවෙන්නෙ නැතුව කෙලින්ම තමන්ගෙ හිතේ තියෙන දේ තමන් ආදරේ කරන කෙනාට කියන්න පුළුවන් නම් ඒක තමයි නියම ආදරය

6ආදරය කරද්දි වැඩිය ආදරය කරන්න එපා,පොඩි වැරැද්දක් වුනොත් දරාගන්න බැරි වේවී.

7ආදරය කියන්නේ පුදුමාකාර බලවේගයක්. ආදරයට මිනිසෙකු ඇති කිරිමටද ..? ඒවගේම මිනිසකු නැති කිරිමටද පුලුවන්. මිනිසකු ඇති කිරීමට යන කාලයට වඩා මිනිසෙකු නැති කිරිමට යන කාලය අඩුය. ඒ නිසා ආදරය කිරීමේදී අප සියලු දෙනාම බොහොම කල්පනාකාරි විය යුතුය. ආදරයට සතුට මෙන් දුකද උරුමය



8හදවතේ තියෙන උතුරන ආදරයෙන්, ඒ ආදරය... ආදරයෙන් බලාපොරොත්තුවෙන් බලන් ඉන්න හිතක් පුරවන්න.. ආදරය ජීවත්වේවි හැමදාම

9නොලැබෙන ආදරයක් පස්සේ හිත රවට්ට රවට්ට හීන මව මවා දුක් විදිනවාට වඩා....ලැබෙන ආදරයේ සොඳුරු මතකයන් හිතේ ගුලි කරන් ඒ මතකෙට හැමදාම ආදරේ කරන්න

10ආදරය කියන්නේ විශ්වාසය මත රඳාපවතින දෙයක්, විශ්වාසය නැති තැන ආදරයකුත් නෑ, දෙන්නට දෙන්නා විශ්වාසයෙන් ඉන්නතාක් ඒ ආදරය සුන්දර වේවි. ඒ නිසා දෙන්නට දෙන්නා හැමවිටම විශ්වාස කරන්න.

11ආදරය වචනයෙන් පැවසීමට වඩා හදවතට සමීප වන්නේ ආදරය දැනෙන්න හැරීමයි

12ආදරේ කියන්නේ පිවිතුරු හැඟීමක් . . . ඒ හැඟීම ඔයාව හොයාගෙන එනකල් ඉන්න . . . කවදාවත් ඔයා ආදරේ හොයාගෙන යන්න එපා . . . තමාට හිමි ආදරේ කවදාහරි තමුන්ව හොයාගෙන එනවාමයි

13ආදරය කියන්නේ සාගරය වගේ . . . සාගරයේ රැළි වගේ . . . සීමාවක් නෑ . . . ප්‍රමාණයක් නෑ . . . සමහර වෙලාවට ආදරය කියන්නේ වේදනාවක් . . . ඒ වේදනාව සිතට දැනෙන්නෙ අපි සාගරයක් වගේ සාගරේ රැළි වගේ ආදරේ කරපු නිසා . . . ආදරයෙන් නැගෙන වේදනාවටත් සීමාවක් නෑ

14ලෝකයේ තේරුම්ගැනීමට අසීරුම දෙයක් ඇත්නම් ඒ ආදරයයි

15 ආදරය කියන්නේ අපි දෙන දෙයක් පමණයි, ඒකෙන් ආපසු ලැබීමක් බලපොරොත්තු වෙනවනම් ඒ ආදරය සැබෑ ආදරයක් නෙවෙයි

16ආදරයත් හරියට කැස්සක් වගේ, හංගන්න බෑ, කොච්චර හංගන්න හැදුවත් ඒක අනික් අයට තේරෙනවා

17බාහිර පෙනුමට කවදාකවත් ආදරය කරන්න එපා, ඒ වගේම සල්ලි නිසා කෙනෙක් ගැන ආදරයක් ඇති වෙන්න පුළුවන් කියලා කවුරුහරි හිතනවනම් ඒක ගොඩාක් ලොකු බොරුවක්

18ඔබට ආදරය හිමිවී ඇත්නම් ඔබට අන් කිසිවක් නැතත් කමක් නැහැ කියා සිතේවි, ඔබට ආදරය හිමි නැත්නම් අන් කිසි දෙයක් ඇතත් පලක් නැහැයි සිතේවි

19ආදරේ වරදක් කියලා හිතෙන්නේ තමන්ට ආදරේ නොකරන කෙනෙකුට තමුන් ආදරේ කළාමයි

20ආදරය කරනකොට රූපයට ආදරය නොකර ඔබ ආදරය කරන කෙනාගේ හදවතට, ජීවිතයට, ආත්මයටම ආදරය කරන්න, ඒ ආදරය සදාකාලිකයි

21කියාගන්න බැරි, තේරුම්ගන්න බැරි එකම එක සොඳුරු සිතුවිල්ල ආදරය විතරයි

22අවංක ආදරය කියන්නේ කෙනෙක්ව තමුන්ට හිමිකරගැනීමම නෙවෙයි, තමුන් ආදරය කරන කෙනා සතුටින් ඉන්නව දකින්න තියෙන කැමැත්තටයි, අවංකව ආදරය කරන කෙනෙකුට තමන් ආදරය කරන කෙනා ලැබුණත් නොලැබුණත්, ඒ කෙනා සතුටින් ඉන්නවා බලලා සතුටු වෙන්න පුළුවන්

23ජීවිතය ආදරයේ කොටසක් වුණාට, ආදරය ජීවිතයේ කොටසක් නෙවෙයි.

24හොඳ ආදරවන්ත්යෙක් හෝ ආදරවන්තියක් අවංක ආදරයක් රැකගන්න තමුන්ගේ ආදරය හැර අනෙක් ඕනෑම දෙයක් කැපකරන්න සූදානම්

25තමුන් කෙනෙක්ට ආදරය කරනවා නම් කවදාවත් එයාව තමුන්ගේ කරගැනීම ගැන විතරක් හිතන්න එපා

26ආදරය තියෙන තැන දුක වැඩියි, දුක වැඩි වෙන්න වැඩි වෙන්න ඇතිවෙන ආදරෙත් වැඩියි

27ආදරය ජීවිතයට තියෙන්නම ඕනේ දෙයක්, ඒ වුණත් ආදරය ඕනවට වඩා තිබ්බමත් ආදරයේ අගයක් නැති වෙනවා, ඒ නිසා අනික් හැමදේටම වගේ ආදරේටත් සීමාවක් තියාගන්න

28මුළු ජීවිත කාලෙම සතුටින් ආදරයෙන් ඉන්න ඕනේ නම් ඔබ ගොඩාක් කැමති කෙනෙක්ට නෙවෙයි, ඔබට ගොඩාක් ආදරය කරන කෙනෙක්ට ආදරය කරන්න

29මලක් වගේ සිනිඳු ආදරේට ගලක් වගේ තද හිතක් වුනත් වෙනස් කරන්න පුළුවන්

30ආදරය සුන්දරයි, තමන්ගේ හිතට ගොඩාක් කාවැදුණු කෙනෙක්ට දුන්නු ආදරයක් මියෙනතුරුවත් අඩු වෙන්නේ නෑ, ඒක ස්ථිරයි, සදහටම එහෙමයි

31ආදරේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්, අපිට ආදරේ කරන අය අපිට බොහොම ඉක්මනින් නැති වෙනවා, ඒ නිසා ආදරේ කියන්නේ දුකක්, වේදනාවක්

32ආදරේ කියන්නේ හිතට දැනෙන, හරිම සංවේදී, ලස්සනම ලස්සන හැඟීමක්. ඒත් හුඟක් වෙලාවට ඒ ලස්සන ආදරෙට තණ්හාවයි ලෝබකමයි රිංගාගත්තොත් ඇස් දෙක රිදෙනකන් අඬන්නත් වෙනවා

33ආදරේ කවදාවත් මැරෙන්නේ නෑ, හැමදාමත් ආදරේ කරන අයගේ හිත්වල ජීවත් වෙනවා

34අපි ආදරය කරන්න ඕන, අපිට ආදරය කරන අයට...මොකද.. සමහරවිට අපි ආදරය කරන අය අපිට ආදරය නොකරන්න පුලුවන් නිසා

35හෑම සුන්දර දෙයක්ම දකින්න කොහෙ හරි දෙනෙතක් තියනව, හෑම සත්යක්ම අහන්න කොහෙ හරි දෙසවනක් තියනව ඒ වගෙම හෑම ආදරයක්ම ලබන්න, උරුම කියන්න කොහෙ හරි හදවතකුත් තියනව

36ආදරයක් ලබන්න පිං කරන්න ඕනේ, ලැබෙන ආදරය රැකගන්න ජීවිතයම කැපවෙන්න ඕනේ

37ආදරයට ආදරේ කරන්න, කවදාවත් ආදරේට ආශා කරන්න එපා

38ආදරේ හරියට බිඳෙන වීදුරුවක් වගේ, ආදරේ කරනකොට ගොඩාක් ශක්තිමත්, පැහැදිලිව එකිනෙකාව පේනවා. ඒත් ආදරේ බිඳුනම හරිම දුර්වලයි. ඒ බිඳුණු ආදරේ කවදාවත් තිබුණු විදියට ආපහු හදන්න බෑ

39ආදරය කෙනෙකුට සුන්දර අත්දැකීමකි, තවකෙකුට විරහවකි. මේ දෙගොල්ලන්ගෙන්ම ලොවට සුන්දර විශිෂ්ට නිර්මාණ එකතු වේ.

40හැම මොහොතකම අපි ආදරය කරන්න ඕන අපිට ආදරය කරන කෙනාට මිසක් අපි ආදරය කරන කෙනාට නෙමෙයි. අපි ආදරය කරන කෙනා අපිට ආදරය නොකලත් අපිට ආදරය කරන කෙනාට ආදරය කරන්න අපට පුළුවන් නම් එතන ඇත්තටම සාර්ථක ආදරයක් තියනවා

41මේ මුළු ලෝකයටම ආදරේ දෙන්න පුළුවන්.... ඒත් ජීව්තයත් එක්කම ආදරේ දෙන්න පුළුවන් එකම එක්කෙනෙකුට විතරයි

42තනිකමක් දැනෙනවා නම් කවුරු හරි නැති වුනාම, පාළුව මැකෙනවා නම් එයා ළග ඉන්න කොට, මග හරින්න එපා...! මොකද ඒ ඔයා හොයන ආදරය වෙන්න පුළුවන්

43ජිවිතයේදි,කවදාවත් ආදරය සැලසුම් කළ නොහැකියි. හේතුවක් නිසා ඇති නොවෙයි. නමුත් ආදරය හැබැවක් වුණ විට එය ඔබේ ජිවිතයේ සැලැස්ම වෙයි. ජිවත් විමට හේතුවද වෙයි


44ආදරය යනු යමෙක් අප ජීවිතයට පැමිණ එහි තේරුම කියාදෙනතුරු අපිට වටිනාකමක් නොතේරෙන වචනයකි

45සෑම පෙම්වතෙක්ම පෙම්වතියක්ම එක් දෙයකට බියක් දක්වයි, ඒ තමුන් ආදරය කරන කෙනා තමුන්ට අහිමි වේවි කියන බියයි.

47ලොව වැඩිම කලක් පවතින ආදරය වන්නේ කිසිදා හිමි නොවූ ආදරයයි.

49ආදරය යනු භූමිකම්පාවක් වැනිය, මුලදි ටිකක් ටිකක් බය හිතෙන සුලුය. නමුත් අමාරු කොටස ඉවරවුණ පසු ඔබ කොතරම් වාසනාවන්තද කියා ඔබටම සිතේ

50සුන්දර ආදරය තාවකාලිකයි නමුත් එයින් හට ගන්නා වේදනාව සදාකාලිකයි

උපටා ගැනීම - අමුතු කතා බ්ලොගය




කෙල්ලෝ ගැන හිනායන කරුණු 8ක්

1. තමාගේ පෙනුම කොයි වගේද කියන ප්‍රශ්නයට කෙල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි. තමන්ව සතුටු කරන පිළිතුරක්.

2. සෞදි අරාබියේ කාන්තාවකට දික්කසාදය ලබගැනීමට තම ස්වාමියා තමාට බීමට කෝපි ලබාදීම ප්‍රතික්ශේප කිර
ීමත් ප්‍රමාණවත් හේතුවක්

3. ඉතාලියේ මේරි යන නම ඇති කාන්තාවන්ට ගණිකා වෘත්තියේ යෙදීම නීතියෙන් තහනම්

4. අර කෙල්ල ලස්සනද කියලා කෙල්ලෙක් අහුවොත් කෙල්ල බලපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි.

5. ලෝකයේ වැඩිම සහ දෙවන IQ ලකුණු වාර්තා කර ඇත්තේ කාන්තාවන් විසිනුයි

6. කෙල්ලෝ කවදාවත් තමුන් වැරදියි කියල හිතන්නේ නෑ, එයාලා හිතන්නේ හැමවිටම කොල්ලන් සමාව ගත යුතුයි කියලයි

7. කෙල්ලෙක්ගේ නානකාමරයේ තිබිය හැකි සාමාන්‍ය භාණ්ඩ ගණන 437 ක් වන අතර මින් බොහෝ දේවල් පිරිමියෙක්ට අඳුනාගැනීමට නොහැකි දේවල් වෙනවා

8. පිරිමියෙක් දින 7ක ගමනක් යන විට ඇඳුම් කට්ටල 5ක් පමණ රැගෙන යන අතර ඇඳුම් 2ක් දෙවරක් බැගින් අඳිනවා. කාන්තාවක් එම ගමන යනවිට ඇඳුම් 21ක් වත් රැගෙන යන අතර එසේ කරන්නේ එක් එක් දවසේ තමාට අඳින්න ආසා හිතෙන්නේ කොයි ඇඳුමද කියා හිතාගැනීමට නොහැකිවයි.




Tuesday, November 22, 2011


  1. ‎): ): ►කොල්ලන් ගැන කරුණු◄



    1.ඉගි බිගි පාන විසේකාර කෙල්ලන්ට කොල්ලන් කැමති නැත

    2.කොල්ලන් හැමවිටම ලස්සන කෙල්ලන් සොයන්නේ නැත. චාම් පිලිවෙලකට සිටින තමා ගැන ආත්ම විශ්වාසයක් ඇති කෙල්ලන්ට ඔවුන් වඩා කැමතිය.

    4.ප්‍රසිද්දියේ නැතත් රහසින් කොල්ලෝ අඩයි.

    5."මට ඔයා කියන දේ තේරෙන්නේ නෑ" කොල්ලෝ මෙහෙම කියන එකෙන් තේරෙන්නේ කෙල්ල කොල්ලගේ විදියට හිතන්නේ නෑ කියන එකයි.

    6.දවස පුරා වෙනත් කෙල්ලෝ එක්ක ඉගි බිගි පෑවත් රෑ නිද ගන්න කලින් තමන් ඇත්තටම ආදරේ කරන කෙල්ල ගැන කොල්ලෝ හිතනවා.

    7.කොල්ලෝ තමන්ගේ අම්මාට ගොඩාක් ආදරෙයි

    8.කෙල්ලෝ තමන්ගේ කලින් පෙම්වතුන් ගැන කතා කරනවාට කොල්ලෝ කැමතිම නැත.

    9.කෙල්ලත් එක්ක කියන්න ගොඩක් දේවල් හිතේ තිබුනත් ඒවා කියා ගන්න කොල්ලොන්ට බෑ,නමුත් ඒවා කියා ගන්න ධෛර්ය ගන්න පුලුවන් පොඩි ෂොට් එකක් දා ගත්තම.

    11.කෙල්ලෝ තරම් කොල්ලෝ සිහින මවන්නේවත් හිතේ බලාපොරොත්තු තියාගෙන ඉන්නේවත් නෑ.

    .13.තමන් කැමති කෙල්ලගෙන් ලැබෙන සිනහවක් වෙනුවෙන් කොල්ලෙක් නොකරන දෙයක් නැත.

    .17.කොල්ලෙකුගෙන් යමක් ඉල්ලීමේදී වෙනත් දෙයක් තේරුම් ගැනීමට පෙර කෙල්ලට අවශ්‍ය කුමක්දැයි හරියටම කීම අවශ්‍ය වේ

    18.කෙල්ලට සුලු තෑග්ගක් මිලදී ගැනීමට තම දිවා ආහාරය සදහා වන මුදල් වියදම් කිරීම කොල්ලෙකුට පහසු දෙයකි

    19.කොල්ලෙකුට සවන් නොදී ඔහුව තේරුම් ගැනීමට නොහැක

    21.කොල්ලන් ගේ දුර්වල ස්ථානය කෙල්ලන්‍ ය

    22.තමන් ගැන කොල්ලන් බෙහෙවින් විවෘතය

    කොල්ලෙක් ඔහුගේ ප්‍රශ්ණ ගැන කෙල්ලෙක් සමග කියනවා නම් ඔහුට අවශ්‍ය ඔහුගේ ප්‍රශ්ණ වලට නිහඩව සවන් දීම මිස උපදෙස් නොවේ.

    27.කොට ඇදුම් අදින කෙල්ලන්ට වඩා නුවනැති කෙල්ලන්ට කොල්ලන් කැමතිය.

    .29.කොල්ලන් ගොඩක් ගැඹුරට සිතයි.

    .31.තම මිතුරන් සමග සිටින විට කොටියෙක් වැනි නමුත් තම පෙම්වතිය සමග සිටින විට බොහෝ කොල්ලන් පූස් පැටියන් මෙනි.

    32.කොල්ලන්ට අවසන් තීරණ නොමැත.

    33.කොල්ලෙක් බැරෑරුම් ලෙස කතා කරනවා නම් ඔහුට හොදින් සවන් දෙන්න.

    .36.ඉවුම් පිහුම් කටයුතු දන්න කෙල්ලන්ට කොල්ලන් කැමතිය.

    37.ඔබට පිටතින් පෙනෙනවාට වඩා ප්‍රශ්ණ රාශියක් කොල්ලෙකුට ඇත.

    38.කොල්ලෙකු පිලිබද සියලුම දේ ඔහුගේ හොදම යහලුවා දනී.

    42.කොල්ලන් ඉගෙන ගන්නේ සැබෑ අත්දැකීම් වලිනි...කෙල්ලන් මෙන් තමා නරඹන ආදරණීය චිත්‍රපටි සහ කියවන ආදරණීය නවකතා තම අත්දැකීම් වල මූලය කර ගන්නේ නැත.

    43.කෙල්ලෙකු ඉදිරියේ කොල්ලෙකු අඩනවා නම් ඉන් අදහස් වන්නේ ඔහු සත්‍ය වශයෙන්ම දුකෙන් සහ සිත් වේදනාවෙන් සිටින බවයි.

    44.කොල්ලෙක් ආදර සම්බන්ධයක් පවත්වන්නේ සැබෑවටම නම් කෙල්ලට වඩා කොල්ලා කෙල්ලට ආදරය කරයි.

    45.කොල්ලන් එකතු වූ විට වැඩියෙන්ම කතා කරන මාතෘකා නම් පරිඝණක,ක්‍රීඩා,දේශපාලනය සහ කෙල්ලන්.

    46.පිටතට කදුලු නොගැලුවත් කොල්ලන් හදවතින් කෙල්ලන් තරමටම හඩයි.

    47.කෙල්ලෙක් කොල්ලෙක්ට බොරුවක් පවසා එය හසු වූ විට යලි කවරදාවත් ඔහු ඇයව විශ්වාස නොකරයි.

    48.කෙල්ල තමාව අගය කරනවාට කොල්ලන් බෙහෙවින් කැමති වේ.

    49.කොල්ලන් වැනි කෙල්ලන්ට කොල්ලන් කැමතිම නැත.

    50.තමන් කෙල්ලට දුන් තෑග්ගක් කෙල්ල අගය කරනවා දැකීමට කොල්ලන් බෙහෙවින් කැමති වේ.

    ඔබ මෙම කරුණු අනුමත කරනවා නම් මෙය [SHARE] කරන්න.